වෙනස සැපද කියා තමන්ගෙන් නොඅසන ලෙසත්, එය පිළිකා රෝගීන්ගෙන් අසන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒසේම ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයට සහ ප්‍රථමික සෞඛ්‍ය සේවයට ලෝකයම ගරු කරන බවද ඔහු පැවසීය.
හෙතෙම මෙම අදහස් දැක්වූයේ මාතර, කොටවිල හෙද විදුහලේ මිලියන 76ක වියදමින් ඉදිකළ හෙද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ (28දා) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
‘‘ මේ රටේ වෙනසක් ඇති කරන්න අපි ආණ්ඩුව පිහිටුවේ, පක්ෂ වෙනස් කරන්න, ජනාධිපතිධුර වෙනස් කරන්න නෙමෙයි. ඒවා කරලා අපි හෙම්බත්වෙලා හිටියේ. ඒක තමයි අපි කිවුවේ හිතන විදිය වෙනස් කරනවා කියලා. දැන් මගෙන් අහනවා වෙනස සැපද කියලා. ඒක මගෙන් අහන්න එපා පිළිකා රෝගීන්ගෙන් අහන්න. අද ඒ රෝගීන් දිර්ඝකාලීනව ජීවත් වෙනවා.
මිනිස්සු ජීවත් කරවන්න අපි මේ ආණ්ඩුව පිහිටෙවුවේ. මතක තියාගන්න රෝගය කියන එකෙන් බේරෙන්න කිසිම කෙනෙකුට බැහැ. අපි හැමෝම කොයි මොහොතක හෝ කුමක් හෝ වැලඳිලා අපේ ගමන අවසන් වෙනවා. එතකොට මේ ඉන්න ටික කාලේ තමයි හැම දෙයක්ම කරන්න වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිවුවේ ආරෝග්‍යා පරමාලාභා කියලා, නිරෝගිකම තමයි පරම ලාභය’’ යැයි පැවසීය.

මහේෂ් මලවරආරච්චි