වී මිල ඉහල දැමීමේ සූදානමක් - හැරිසන්
ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසිය.
අද (28) අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
එදිනෙදා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් හට ඇතැම් විට කම්කරු සහ යාන්ත්‍රික උපකරණ වෙනුවෙන් වැය කරනු ලබන කුලියෙහි උච්චාවචනයන් නිසා කන්නයෙන් කන්නයට රු. 02 කින් වත් වී කිලෝවක් සඳහා මිල ඉහළ දැමිය යුතු බවත්, දැනට වී සඳහා පවතින සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.
ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සෑම ගොවියෙක් සඳහාම නිවස තුළ වී ගබඩාවක් ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 05ක මුදලක් 3% සහ 4%ක පොළී අනුපාතය යටතේ තමා ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 15ක සංචිත මුදල් භාවිතා කල හැකි බව අමාත්‍යවරයා කීය.
මෙසේ සිදුකරන්නේ අතරමැදියා සහ වී මෝල් හිමියන්ගේ සුරාකෑමෙන් ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඔහු පැවසිය.
දැනට ඉදිරිපත්කර ඇති නාඩු රු. 38ක් සහ සම්බා කිලෝවක රු. 41 දරන සහතික මිලට ණය ඇපකර ලබාගත් සමාගම් සහතික මිලටම ගොවියාගෙන් වී මිලදී ගතයුතු බවත්, එය කඩකරන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Sathya Friday, 01 March 2019 11:28 AM
ඇත්තටම ගොවීන්ට වී ගබඩා කරගන්න ඉඩ නැත්ද? වී විකුනන්නේ ගබඩා කරන්න ඉඩ නැති නිසාද? මේකේ යතාර්ථය තමයි ගොවීන් ඉන්නේ ගම්වල හා තමන්ගේ අස්වැන්න ගබඩා කරගන්න අවශ්‍ය තරම් බොහොමයක් ගොවීන්ට තියෙනවා. හැබැයි ඇත්තටම වී විකුනන්නේ තමන්ගේ නය තුරුස් ටික පියවාගන්න සල්ලි ඕනි නිසා. ලොකු නිෂ්පාදන පිරිවැයක් ගොවියා දරනවා අස්වැන්න ගෙදරට එද්දී. ගබඩා හදනවනම් හදවන්න ඕනි ගොවි සමිති හෝ ගම්වල තියෙන කුඩා ආයතන හරහා වී තොග පවත්වා ගන්න. අනිත් කරුණ තමා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 15ක සංචිත මුදල් භාවිතා කිරීම. සංචිත හදන්න අකමැති උනාට, කාබාසිනියා කරන ගොඩක් ඇමතිවරු කැමතියි. ඒ නිසා මෙම සංචිතවලට ඇත නොතැබිය යතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
