වීසා බලපත්රව නැති ඉන්දීය ජාතිකයින් 06ක් නාවික හමුදා භාරයට
- 9 06 2020
- 13:38
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව විසින් ඊයේ (08) දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ( 08) වන දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටිය ආශ්රිත ප්රදේශයේ සිදු කල මුර සංචාරයක් අතරතුරදි ජැටියේ රැදී සිටි සැක සහිත පුද්ගලයින් පිරිසක් පරීක්ෂාවට ලක් කරන ලදි.
එහිදී අදාල පුද්ගලයින් ඉන්දියානු ජාතිකයින් බවට තහවුරු කර ගැනීමට හැකිවී ඇති අතර, ඔවුන් ඩෙල්ෆ් දූපතේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා යාමට මෙලෙස කුරිකඩ්ඩුවාන් ජැටියේ රැදී සිට ඇත. පසුව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර පරීක්ෂා කිරීමේදී එම ගමන් බලපත්ර කල් ඉකුත්වී තිබීමත්, එම පිරිසෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙලෙස රැකියා කටයුතු වල නිරතවීමත් හේතුවෙන් අදාල පුද්ගලයින් පිරිස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
වීසා බලපත්ර කල් ඉකුත් වීමත්, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමත් හේතුවෙන් නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පිරිස කුරිකඩ්ඩුවාන් පොලිසිය වෙත වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

