වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි
ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
පාස්කු ඉරිදා එල්ල වුණු ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදී ප්රහාර මාලාවෙන් අනතුරුව රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා මෙම තීරණය ගෙන තිබේ.
මේ වැඩසටහන යටතේ ලොව පුරා රටවල් 39 කින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය රටවල පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාවලින් වීසා ලබා නොගෙන මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේදී වීසා ලබා ගැනීමේ පහසුකම් හිමිවීමට නියමිතව තිබුණි.
popular news
-
Duminda Thursday, 25 April 2019 06:41 PM
"No Burqa or Niqab"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

