විසඳුම් දෙන්න බැරිනම් කෑ ගැහුවට දෙන්නේ නෑ
වත්මන් ආණ්ඩුවෙන් කෑ ගසා කිසිවක් ලබා ගත නොහැකි බවත් කෑ ගැසීමට කලින් දීමට හැකි දේ ලබාදි ඇති බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) කොළඹ දී පැවති 'අයවැය සහ වැඩකරන ජනතාව’ - වෘත්තීය සමිති නියෝජිත හමුවට එක්වෙමින්ය.
"අපි ඉතාමත් හොඳ මූල්‍ය විනයකින් මේ රට හසුරුවමින් තිබෙනවා. ආණ්ඩුවේ ආදායම බිලියන 6230යි, ආණ්ඩුවේ වියදම,රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ණය වාරික, පොලිය ඇතුළු වියදම බිලියන 7035යි. ඒ කියන්නේ අපි උපයාගන්නආදායම ණය වාරික ගෙවලා, පොලිය ගෙවලා බැලුවාම රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නත් මදි.
අපි බිලයන 805ක් ණයට ගන්නවා. කවර හෝ දීමනාවක් වැඩි කරනවානම් එක්කෝ ණයට ගන්න ඕන. නැත්නම් වියදම් කරන එකක් කපන්න ඕන. අපි ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක් වෙන්කර තිබෙනවා. අපි එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් නෙමෙයි.
රාජ්‍ය සේවයේ අපි මූලික වැටප් වැඩි කළා. ලංකා ඉතිහාසයේ කවදාවත් මේ වගේ මූලික වැටුප් වැඩිවිමක් කර නෑ. සමහරු හිතනවා මේ ආණ්ඩුවෙන් තව ටිකක් කෑ ගැහුවොත් ගන්න පුළුවන් වෙයි කියලා. මේ ආණ්ඩුවෙන් කවදාවත් කෑ ගහලා ගන්නත් බෑ,කෑ ගැහුවට දෙන්නෙත් නෑ. කෑ ගහන්න කලින් දෙනවා.
කවුරුත් පාරට බැහැලා උද්ඝෝෂණ, වැඩ වර්ජන කරන්න ඕන නෑ. දොස්තර මහත්වරුන්ගේ වාහන පර්මිට් එකේ ප්රශ්නය අපිදන්නවා. හැමකෙනාගෙම ප්රශ්නය කෑ ගහන්න කලින් අපි විසදනවා. විසඳුම් දෙන්න බැරි ඒවට කෑ ගැහුවට විසදුම් දෙන්නේ නෑ.ඉල්ලන හැම දෙනාම දැනගන්න ඕන දෙන්න පුළුවන් ගාණට දිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
