විශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා වෙන් කරන ලද ගොඩනැගිල්ලේ වහළයේ පලුදු ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කරන තෙක් අදාළ අධිකරණ කටයුතු තාවකාලික ස්ථානයකදී ඉදිරි දිනෙක ආරම්භ කෙරෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25දා) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවූ පසුව වහළයේ දෝෂ ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
