විශේෂඥ වෛද්‍යවරයාට බැන්න ඉංග්‍රිසි ගුරුවරයාට වුණ දේ
හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හට රාජකාරි කාලය තුල ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු බැණ තර්ජනය කිරීම හෙළාදකිමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් හා සේවකයින් එක්ව අද (27) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි
අදාල විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් පරික්ෂා කරමින් සිටියදී මෙසේ තර්ජනය කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට මහරෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික මහතා පවසයි .
විශේෂඥ වෛද්‍යවරයාට එල්ල කල මෙම මර තර්ජනය හා රාජකාරියට බධා කිරීම සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කරන තුරු වෛද්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ගයකට එළබෙන බව හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරුන් පවසති.
කෙසේ නමුත් මේ වනවිට අදාළ ඉංග්‍රීසි ගුරුවරයා හම්බන්තොට මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කල විමසීමකදී පොලීසිය පැවසිය.

popular news
-
Champa Friday, 29 March 2019 09:22 PM
දොස්තරලා හෙදියෝ සුළු සේවකයෝ ලෙඩ්ඩුන්ට කොච්චර නම් බනිනවද? එතකොට ඒ මිනිස්සුන්ටත් මේ වගේ හිතෙන බව මතක තියා ගන්නවා නම් හොඳයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

