විශ්රාම පාරිතෝෂිකය ගෙවා ගන්න බැරි නිසා විශ්රාම වයස 65කළා
රාජ්ය සේවකයන්ගේ විශ්රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.
මේ වනවිටත් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව පසුගිය ජුලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ මෙම මස (නොවැම්බර්) විශ්රාම ගිය පිරිසට පාරිතෝෂික ගෙවා නැතැයිද අබේවර්ධන මහතා කීය.
එමෙන්ම විශ්රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බව ප්රකාශ කළත් විශ්රාම වැටුප් විෂමතාව එයින් විසඳීමට නොහැකි බවද හෙතෙම කීය.
දැනට මෙරට රාජ්ය සේවකයන් ලක්ෂ 15 ක් පමණද විශ්රාමිකයන් ලක්ෂ 06 ක් පමණද සිටින බවත් මෙවර අයවැයෙන් ඔවුන් සියලූ දෙනා රැවටීමට විශාල උප්පරවැට්ටියක් සිදුකර ඇති බවත් ඒ මහතා පැවැසීය.
අගලවත්ත කොට්ඨාස බලමණ්ඩලයේ සභාපති හිටපු ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සංවිධානය කළ කි්රයාකාරී හමුවට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා එසේ පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

