විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ ඇප අයදුම ප්‍රතික්ෂේප වෙයි
- 18 09 2020
- 16:31
- {{hitsCtrl.values.hits}} views
- ..
පුද්ගලයන් 11 පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බවට චෝදනා ලැබ සිටියි.
තමා රක්ෂිත බන්ධනාගාර ගත වීම හේතුවෙන් සිය දියණියගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී ඇති බවත් එම කාරණය සුවිශේෂී කාරණයක් ලෙසට සලකා ඇප ලබා දෙන ලෙසට අජිත් ප්‍රසන්නගේ නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
එම කාරණය ඇප ලබා දීමට තරම් සුවිශේෂ කරුණක් නොවන බවට විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දු කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

