විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවත්, ජයග්‍රහණය කළත් එතුළින් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහෙත් හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා සමග ඩීල් එකක් දමා අගමැතිවරයා ජයග්‍රහණය කිරීමට කටයුතු කළහොත් එහි බලපෑම් ජනාධිපතිවරයාට බලපාන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
අගමැතිවරයා ජයග්‍රහණය කළහොත් ඔහු ඉන්පසුව තනි ආණ්ඩුවක් සදාගෙන ගමනක් යා හැකි බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.