විශ්වාසභංගයට තීරණය ආණ්ඩුවක් ලෙසයි
ආණ්ඩුවේ සිටිමින් විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට කිසිවෙකු කටයුතු කළ හොත් ඒ පිළිබඳ දැඩි තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිසිවෙකු කැබිනට් මණ්ඩලයේදී කිසිවක් කතා නොකළ බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විශ්වාසභංග යෝජනවට අත්සන් කරන අය ගැන දැඩි ක්‍රියාමාර්ග යන්න කියලා අපි කිව්වා. කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. කැබිනට් මණ්ඩලයේදී කිසිම අදහසක් ප්‍රකාශ කළේ නැහැ. එයාලට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉස්සරලාම කතා කරන්න ඕන කැබිනට් මණ්ඩලයේ. නමුන් කැබිනට් මණ්ඩලයේදී එහෙම කිසිම කෙනෙක් කිසිම අදහසක් ප්‍රකාශ කළේ නැහැ. කොහොම වුණත් අපි ආණ්ඩුවක් විදිහට සාකච්ඡාකරලා ඒ ගැන තීන්දුවක් ගන්නවා”. යැයි ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


