විල්පත්තුවේ දඩයමේ ගිය දෙදෙනෙක් ගිනිඅවි සමඟ දැලේ
විල්පත්තුව ජාතික වන උද්‍යානයේදි ගොනන් මරා මස් වියළා අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් සමඟ අද 21 අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව එළුවන්කුලම හා කරතිව් සිංහනාගවිල්ලුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රසිද්ධ දඩයම් කරුවන් බවද පොලිස් පරීක්ෂණ වලදි හෙළි කර ගෙන තිබේ .
එසේම මෙම සැකකරුවන් තවත් දඩයම් කරුවන් සමඟ එක්වි විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ සැරිසරන ගොනන් මරා උද්‍යානය තුළම වේලා ගෙන ඉන්පසුව ධිවර යාත්‍රා මගින් කල්පිටියට රහසේ ප්‍රවාහනය කරන බවටද තොරතුර ලැබි ඇති බවද පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කරතිව් ඌරලිය කලපු තිරයේ ධිවර වාඩියක රැදි සිටියදී වියලන ලද ගොන මස් කිලෝ 07ක් හා බලපත්‍ර නොමැති බොර 12 ගිනිඅවි දෙකක් සහ හිස් පතොරම් කොපු හතරක් ද සමඟ පොලිස් කණ්ඩායම රැකවල්ලා සිට අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දින දහවල් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
-
ගමගේ Thursday, 21 March 2019 04:03 PM
මේ ජනාදිපති, පෙරේදා එක කතාවක්, ඊයේ වෙනකතාවක්, අද තව කතාවක්, හෙට පච තද වෙලා බනින කතාවක් ... අනිද්දට ආයේ මුල ඉදන් අලුත් කතාවක් ... අනුන්ට බැන බැන කිසිම වැදගම්මක් නැති කතාව මිසක්, සතයක වැඩක් කරගන්න බැරි, කමකට නැති පවුල සැවොම වෙන වෙන plane වලින් ජනතාවගේ ඇස් වහල පිට රටවල සංචාරය කර මුදල් නාස්තිය සහ බොරුවට කොමිසන් පත් කිරීම විතරයි...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

