දේශපාලන පක්ෂයක් ඊයේ කොළඹදී සිදුකළ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස අත්විඳිය හැකි කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ විරෝධතාව හේතුවෙන් රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැක්කේ දින 10ත් 15ත් ප්‍රමාණයකින් පසුව බවයි.
“අපි සෞඛ්‍ය බලධාරීන් ලෙස හානිය සිදුවන තෙක් බලා නොසිට හානිය නරක අතට හැරීමට පෙර එය වළක්වා ගැනීමට සියලු පිළියම් යොදනවා.” යැයි වෛද්‍ය හේරත් අවධාරණය කළේය.
“වසංගතය සම්බන්ධයෙන් රට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින විට එවැනි විරෝධතා දියත් කිරීමට දේශපාලන පක්ෂ හෝ වෙනත් කිසිදු සංවිධානයක් ගන්නා එවැනි පියවර අනුමත කරන්නේ නෑ"
