විරුද්ධවාදීන් චෝදනා කළත් ගොවි ආර්ථිකය ශක්තිමත් කළා
දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කළ ද මෙම වකවානුව මෙරට ගොවි ආර්ථිකයේ සහ කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාල පරිච්ජේදයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගොවි ජනතාව දීර්ඝකාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බවද ඔහු පැවැසීය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිකන්ද නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (09දා) පස්වරුවේ එක්වෙමිනි.
ගොවි ජනතාව මුහුණදෙන අසීරුතාවයන් සහ දුක්ගැහැට ඔවුන්ගේ මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා ගොවි ආර්ථිකය සහ ගොවි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බවද ජනපතිවරයා පැවැසීය.
popular news
-
Champa Tuesday, 10 July 2018 04:59 PM
වෙන්න බැහැනේ. අර තාම ගොවියෝ ඉන්නවනේ වී ටික විකුණා ගන්න බැරුව. වගා කල භෝග විකුණගන්න බැරුව සත්තුන්ටකන්න දාපු මෙහෙම කාලයක් ඉතිහාසයේම තිබුනේ නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

