විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ නිල මතයද? - අජිත්
මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා දේශපාලනයේ නිරත බවත්, පසුගිය රජය සමඟ දේශපාලනය කරන බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය, ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ නිල මතය ද? යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ මොහොතක මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නිර්ණායකයන් ක්‍රියාවට නැංවීම එක් එක් දේශපාලන අපේක්ෂාවන්ට සමගාමීව සිදු කළ හැක්කක් නොවන බවයි.
සියලුම ප්රජාතන්ත්රවාදීන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේ මොහොතේ මෙයට එරෙහි විය යුතු බවත්, පාර්ලිමේන්තුව කැඳවීම ද අවහිර කරමින් මැතිවරණය පැවැත්වීම ද තමාට අවශ්‍ය පරිදි සිදු කරවීමට දරන උත්සහායටත් එරෙහි විය යුතු බවත් ඔහු කියා සිටියේය.
විමල් වීරවංශ මහතාගේ මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා අනුමත කරන්නේද? රජය අනුමත කරන්නේද? එය ආණ්ඩුවේ නිල මතයද? යන්න වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය අඛණ්ඩව කැපවෙන බව ද ඒ මහතා කියා සිටියේය.

popular news
-
Deepal Nirosh Wednesday, 08 April 2020 10:06 AM
විමල්ගෙ හෝ ආණ්ඩුවේ හෝ කුමක් වුවත් ස්වාධීන (?) මැතිවරණ කොමිසමක සාමාජිකයෙක් පාර්ලිමේන්තුව විසුරුව හැරි විට උසාවියට පෙත්සම් යොමු කරනව නම්, මේ රට ඒකාධිපතිත්වයක් කරා යනව කියල විදෙස් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත්කරනව නම් ඒ සාමාජිකය ස්වාධීන ද? එතකොට ඔය කොමිසම ස්වාධීන වෙනව ද? අපි දන්න තරමින ඔය එක කොමිසමකවත් සාමාජිකයො පත්කළේ මේ රජය හො විමල් හෝ නොවෙයි.
Reply : 0 0
Chanakya Wednesday, 08 April 2020 11:33 AM
Mathiwarana komisamata chodana
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

