විමල් විරවංශට එරෙහි නඩුව මැයි 13 සිට විභාග කෙරේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩා වන අයුරින් කොළඹදී උද්ඝෝෂණ සිදුකරන ලදැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07දෙනෙකුට එරෙහි නඩුව ලබන මැයි මස 13 වැනිදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(25) නියම කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි 2016 පෙබරවාරී මස 06 වැනිදා අල් හුසේන කුමරුගේ පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩා වන අයුරින් කොළඹදී උද්ඝෝෂණ කරන ලදැයි ද ඒ අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් ජනතාවට පීඩා සිදුවන අන්දමට කටයුතු කරන ලදැයිද විත්තිකරුවන්ට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් නඩු පවරා තිබිණි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අමතරව මෙලෙස නඩු පවරන ලෙස නියම කරන ලද්දේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමෙන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමෙන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න සහ චමින්ද ජයලාල් නමැත්තන්ට එරෙහිවය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන මැයි මස 13 වැනිදා සිට විභාග කිරීමට නියම කළාය.

popular news
-
Champa Tuesday, 26 February 2019 08:37 AM
විජයක්ලාගේ නඩුව මාස 6න් 6 ට කල් යනව. හරි නම් නඩුව අහල ඉවර වෙනකම් මන්ත්‍රී ධූරය ඇත හිට වන්න ඕනේ. විධායක අහෝසි කරන්න දඟලන කාලේ වෙනකොට විමල්ව ආයේ හිරේ දායි. ගිය පාර නම් ලැස්ති වෙලා හිටියේ නැහැ. මේ පාර නම් හොඳටම ලෑස්තියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
