විමල්ගේ නඩුව සලකා බැලිම ජුලි 29 වනදා
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත්‍රයේ ස`දහන් වේ.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් ස`දහන් කොට ඇත.

popular news
-
lion Thursday, 28 March 2019 05:45 AM
මිනිසුන්ට මේ කොලම දැකල එපාවෙලා.හැමදාම කල් යනවා . මේ වගේ බොරුකාර හොරුන්ට දඬුවම් දෙන්න අපිට කොහාටද යන්න තියෙන්නේ.මුන් හැමදාම මිනිස්සු රවට රවට සැප ගන්නවා.
Reply : 0 0
rocky Thursday, 28 March 2019 07:55 AM
හොරට උපයා ගත දේපොළ රාජසන්තක වීමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් දෙවියන්ගේ පිහිටෙන් සිදුවේව යයි ප්‍රාර්ථනා කරමි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

