විපක්ෂයට තුනෙන් එකක් වත් නෑ
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් තුනෙන් එකක් වන ආසන 75ක් වත් විපක්ෂයට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අයවැය දෙවැනි වර කියැවිමේ ඡන්ද විමසිමට විපක්ෂව ඡන්ද 76ක් ලැබුණ බවත් එයින් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් කළ විට විපක්ෂයට ඇත්තේ ඡන්ද 71ක් බව ඔහු පැවැසීය.
"ඊයේ කිව්වා ආණ්ඩුව වට්ටවනවා කියලා. විපක්ෂයට 75ක් වත් නෑ. තුනෙන් එකක්වත් ගන්න බෑ. දැන් කෑගහලා වැඩක් නෑ. ජනතාව දන්නවා කවුද වැඩ කළේ කියලා. අද තිබෙන්නේ මිරිස්කුඩු ගහන විපක්ෂයක්.
අපි වග කියන්නේ ඡන්ද දායකයන්ට. සති කිහිපයකින් ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව තව සති කිහිපයකින් හම්බන්තොට ආරම්භ කරනවා. මාධ්‍ය ගැන මාධ්‍ය අමාත්‍යාංශ විවාදයේදී කතා කරන්නම්. මිරිස්කුඩු ගහපු අයගෙන් රුපියල් 10 බැගින් අය කරන්න ඕන."

popular news
-
Deepal Nirosh Wednesday, 13 March 2019 02:27 PM
ඔය නිසා නේද තමුන්ගෙ රිදී සීනුව නො බියට පාර්ලිමේන්තුවෙ දි අයවැයට එරෙහිව ඡත්දය පාවිචිචි කළේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
