විපක්ෂනායක හා හිටපු ආරක්ෂක ප්‍රධානින් අතර හමුවක්
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මතා හා හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර රටේ මේ වනවිට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබඳව විශේෂ සාකච්චාවක් අද (28දා) පස්වරුවේ ඔහුගේ විජේරාම නිල නිවසේදී පැවැත්වීය.
එහිදී රටේ පවතින තත්ත්වය හා ඒ සඳහා ගතයුතු දීර්ඝකාලීන හා කෙටි කාලීන විසදුම් ඇතුලත් වාර්තාවක් ලබාදෙන මෙන් විපක්ෂ නායකවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, හිටපු යුද හමුදාපති දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් මොහාන් විජේවික්‍රම, අද්මිරාල් ජගත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.

popular news
-
sg Monday, 29 April 2019 12:40 AM
මහින්ද බාලසුරියත් ඉන්නවා නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

