විපක්ෂනායක ලෙස සෑම විපක්ෂ පක්ෂයක් සමඟම සාකච්ජා කිරිම මගේ යුතුකමක්
ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ජාව පිළිබඳව සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ නායකවරුන් සමඟ ඊයේ සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද දින පැවැත්වීමට නියමිත හමුව පිළිබඳවද සාකච්ඡා වු බව සඳහන් කළේය.
එහිදී විපක්ෂ නායකතුමා ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී එන් ඒ ඇතුළු වෙනත් විපක්ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාද සහභාගී වන බව විපක්ෂ නායකතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Champa Wednesday, 06 March 2019 03:45 PM
ඇත්ත ඇත්ත. ඔබ විපක්ෂනායක වුනාට පස්සේ කිව්වා ප්‍රාදේශීය ජන සමාජ වලට බලය බෙදන්න ඕනේ කියල. දැන් ජා මිනිස්සුත් අන්න බලය ඉල්ලනවා තමන් ජා කියල විශේෂයෙන් සලකන්න කියල. කොටින්ගේ පක්ෂයක් පාර්ලිමේන්තු එන්න හදනව ඒක පිටිපස්සේත් ඉන්නේ පොහොට්ටුව. LTTE කොටිත් ප්‍රාදේශීය ජනසමාජයක් විදිහට සලකල වෙන්න ඕනේ. තව ඔබේ පක්ෂේ කිව්වා හිරේ ඉන්න ත්රස්තවාදීන් නිදහස් කරන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිතුමා, 2015 ඔබ වෙනුවෙන් පාරට ආපු මිනිස්සු ඔබ අතරමන් කරලා තියෙනව. ඔබට දැන් මතක නැහැ මිනිස්සු පාරට ආවේ රනිල් මෛත්‍රීට විතරක් නෙමෙයි අනුරකුමරටත් කොටින්ටත් TNA එකටත් විරුද්ධව කියලා, ඔබට බලය ගන්න ඔබ අද ද්‍රෝහීන් ඔක්කොටම තවදුරටත් බලයේ ඉන්න උදව් කරනවා. ඔබට දැන් ඔබේ චන්ද ගැන සැකයක් ඇති වෙලා. එහෙම වුනේ ඔබ ප්‍රතිපත්ති වෙනස් කරපු හින්ද. 2015 ඔබ වෙනුවෙන් කියපු සටන් පාඨ තවදුරටත් වලංගුද කියලා මිනිස්සු ප්‍රශ්න කරන තැනට ඇවිල්ල. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයනට පාට පක්ෂ ප්‍රතිපත්ති නැති නිසා සහ ඔවුන් බලය වෙනුවෙන් කලවම් වෙලා නිසා, ජනතාව තවදුරටත් පාටපක්ෂ වලට බෙදීමෙන් වැඩක් නැහැ. ජනතාව ස්වාධීන වෙන්න ඕනේ. ද්‍රෝහීන් වීරයන් ඔක්කොම එක basket
Reply : 0 0
Deepal Nirosh Wednesday, 06 March 2019 04:25 PM
අලියාගේ රිදී සීනුව එක්ක සාකච්ඡා කළාට කමක් නැහැ. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ගැටයට නම් අහුවෙන්න එපා. අහුවුණොත් තමුන්ගෙ දේශාලනයෙත් රටේ භෞමික අඛණ්ඩතාවයෙත් අවසානය සිදුවේවි.
Reply : 0 0
Champa Wednesday, 06 March 2019 04:33 PM
රටට වැදගත් ප්‍රශ්න කතා කරන්න යන්නේ රටයි ජාතියයි හමුදාවයි පාවල දීපු දේශද්‍රෝහී ජාතිද්‍රෝහී පක්ෂ එක්ක. ඔන්න අවුරුදු 4 කට පස්සේ වෙච්ච වෙනස.
Reply : 4 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
