පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවි තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයේන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
ඒ අනුව විපක්ෂනායක තනතුරු පිරිනැමෙන්නේ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරයන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බව කථානායකවරයා එහිදි සඳහන් කළේය. එමෙන්ම එම දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා විසින් කථානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්විමක් කිරිම පක්ෂ මහලේකම්වරයාගේ යුතුකමක් බවත්, කථානායකතුමා විසින් කාරක සභාවට මෙහිදි අවධාරණය කරන ලදි.
සජිත් ප්‍රේමදාස මහතාව විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී භාර දුන් අවස්ථාවේදී කරු ජයසූරිය ඉහත කරුණු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කථානායකවරයා විසින් කාරක සභාවට කියවන ලදී. ඉන් අනතුරුව, අජිත් පී. පෙරේරා මහතා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද ලිපිය කථානායකතුමා වෙත භාරදෙන ලදී.
