විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්
- 13 06 2021
- 00:12
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය රිවර්ස් කරන්නට ආණ්ඩුවට බල කෙරෙන ජනමතයක් මේ වනවිට ත් නිර්මාණය වී අවසන් බවයි.
ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීම මගින් ලේකම්වරයා නිරූපණය කරන්නේ, අදාළ කටයුත්ත වෙනුවෙන් කසකරුවකුගේ භූමිකාව බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කර සිටී.
එක් කඩතොල්ලක් මකා ගන්නට ගොස් ලේකම්වරයා කඩතොලු රැසක් නිර්මාණය කර ඇති බවත් රටේ සමස්ත ජනතාවගේ ගෙල සිර කොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගැනීමට තරම් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන ඇති බව ද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
තවද එහි සඳහන් වන්නේ, රට පාලන කරන්නේ, තමන්ගේ පක්ෂය දැයි කියා හෝ නොදන්නා ලෙස පොදුජන පෙරමුණු ලේකම්වරයාගේ නිකු කර ඇති නිවේදනය මගින් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් ඇති බරපතළ අර්බූදයක ගිනි පුපුරු පිටතට විසි වී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

