පෑලියගොඩ පොලිස් වසමේ පෙතියාගොඩ ප්රදේශයේදි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතරොම් 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 44ක් වු පෙතියාගොඩ කැළණියේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (13) දින අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
