විදේශ ජාතිකයෙකුට වංචාකළ බවට ගම්මන්පිලට එරෙහි නඩු තින්දුව කල්යයි
ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (11) නියම කළේය.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් විසි එක්දෙනෙකු සහ ලේඛණ 13ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.

popular news
-
Don Monday, 11 March 2019 05:18 PM
මෙයා අනිත් අයට වංචාකාරයෝ කියල තමාගේ විලිවහගන්න හදනවා!
Reply : 0 0
rocky Monday, 11 March 2019 06:42 PM
මේ කල් කිරියාවෙන් කිලුටට පත් මේ යකා ඔහුගේ කට ඇරියොත් පිටවෙන්නේ මුළු රටම ගඳ ගස්සමින් වෙනත් අයට ගරහන අනන් මනං ඔපාදුපය. පිවිතුරු හෙළ උරුමය කියලා එකක් අටවා ගත්තාට මොහුගේ ඇති කිසිම පිවිතුරු කමක් නැත! මොහු හෙළයෙකු කීම රටේ ජනතාවට කරන අවමානයකි! නඩුව මේ අයුරින් කල් යාම ද විමතියට කරුණකි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
