ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානා වල රේඛීය නඩත්තු ( Line Maintenance ) කටයුතු සිදු කිරීමට දේශීය පෞද්ගලික ගුවන් යානා නඩත්තු සමාගමක් වන සිලෝන් එරෝනොටිකල් සර්විස් (Ceylon Aeoronautical Services) පුද්ගලික සමාගම වෙත ලබා දීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මේ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සදහා මෙම ගුවන් සේවා නඩත්තු සමාගමේ සංවිධානාත්මක ව්‍යුහය , එම සමාගම සතු අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය සහ මෙම සමාගමට වෙනත් සේවා සැපයීමේ හැකියාව වැනි කරුණු රාශියක් , දීර්ඝ තක්සේරුවකට ලක් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණි .
මෙරටට පැමිණෙන විදේශීය ගුවන් යානා නඩත්තු කිරීම සහ එම යානා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා සුදුසු යෝග්‍ය තත්වයේ පවතී ද යන්න සොයා බලා සහතික කිරීම රේඛීය නඩත්තුව වේ.
මෙම ගුවන් සේවා සමාගම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කොග්ගල ගුවන් තොටුපළ මුල් කර ගනිමින් රේඛීය නඩත්තු කටයුතු සිදු කෙරේ.
මේ වනවිට මෙම රේඛීය නඩත්තු කටයුතු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සහ තවත් විදේශීය ගුවන් සේවා සමාගම් කීපයක් විසින් සිදු කර ගෙන යනු ලබයි .