විදේශිය ඔත්තු සේවා වලට ප්රශ්න විසඳිමට භාර දිම හොරාගේ අම්මාගෙන් පේන ඇසිමක් - විමල්
රටේ පවතින තත්ත්වයන් පාලනය කිරිමට විදේශිය ඔත්තු සේවා වලට ඉඩ නොතබන ලෙස පා.ම විමල් වීරවංශ මහතා ජනාධිපතිතුමාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ උද්ගතවී ඇති තත්ත්වය පාලනය කිරීමට ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට හැකියාව ඇති බව ඔවුන් විසින් මේ වනවිටත් ක්රියාවෙන් ඔප්පු කරමින් ඇති බවයි . එවැනි තත්ත්වයක් තුළ විදේශීය ඔත්තු සේවාවලට රට තුළට පැමිණ ප්රශ්නය තවදුරටත් අවුල් කිරීමට ඉඩ දීම බලවත් දේශපාලන වරදක් වන බවයි.
අයි.එස්. ත්රස්තවාදීන් ගෝලීය මට්ටමින් පෝෂණය කොට තම රටේ විදේශ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේ උපාංගයක් ලෙස යොදා ගන්නා ඔත්තු සේවා වලට ප්රශ්නය විසඳීමට භාර දීම යනු‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’වැනි ක්රියාවකි. එම නිසා එම විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්රියාත්මක වීමට අවසර ලබානොදෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දි ඇත.
ඔත්තු සේවා නිලධාරීන් ප්රමුඛ ආරක්ෂක හමුදා වලට ස්වාධීනව තම රාජකාරි කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම සේනාධිනායකයා ලෙස ඔබතුමාගේ පරම වගකීමක් වන බවද ඔහු වැඩිදුරටත් සිය ලිපියේ සඳහන් කර ඇත.

popular news
-
Arjuna Ranawana Sunday, 28 April 2019 04:38 PM
හොර පාස් පොර්ට් එකින් රට යන්න ගියේ කවුද .හොර අයි ඩී හදල පාස් පොර්ට් ගත්තේ කවු ද මෙතිතුමෝ
Reply : 3 0
Kumar Sunday, 28 April 2019 07:42 PM
ඔයගොල්ලන්ට ඒ රටවල සවාරියන්න හොදයි ඔත්තුසේවා තමා නරක.
Reply : 7 0
chathuri Sunday, 28 April 2019 07:55 PM
මෙයා හිතාගන. ඉන්නේ. මේ විදේශ. ඔත්තු. සේවාව. කියන්නේ මෙයාවගේ. පස්වෙනි පන්තියට ගියපු කට්ටියක්. කියල. අනේ. ගිහින්. වැඩක්. බලාගනින්. උබල. වගේ. අපේ අප්ර්ලිමේන්තු වේ ඉන්නේ, උබල විදේශයට ගියාම. මේසේටවත් ඉදගන්න. එන්න කියනවද . රටේ ඉතිහාසය. දන්නේ. නැති. එකා විදේශ ඔත්තු සේවය. ගැන. කතාකරනවා ගැනිටට්යි. මිනිහටයි , හොරපාස් පොත හදාගන්න. දන්නේ නැහැ. අනේ බන්. කෙරුවාව. කියන්න ගියොත්. පටි. රෝල්
Reply : 7 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

