කොවිඩ් 19 හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් 360ක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ අනුව චෙන්නායි නුවර සිට අද පෙරවරු පැමිණි 53 දෙනාට අමතරව මුම්බායි සිට 16ක් හා ඩුබායි සිට 291ක් පැමිණීමට නියමිත බවද ඔහු පැවැසීය.
අද දිනය වන විට නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 14391ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව ගොස් ඇති බවත් නිරෝධානය මධ්‍යස්ථාන 40ක තවත් පුද්ගලයන් 4126ක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.