විදේශයන්ගෙන් ගෙන්වන ආහාර කෑමට සුදුසු නෑ - මහින්ද
විදේශ රටවලින් ශ්රී ලංකාවට ගෙනවන ආහාර කෑමට සුදුසු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු ප්රකාශ කළේ ශ්රී ලංකාවේ භාවිත කිරිමට තහනම් කර ඇති කෘමිනාශක විදේශීය රටවල් භාවිත කරන බවයි.
එසේම විදේශයන්ගෙන් ආහාර ගෙන්වීම සඳහා ශ්රී ලංකාව විශාල ලෙස මුදල් වැය කර ඇති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව මිදි ආනයනයට රුපියල් මිලියන 2766ක්. කහ හා ඉඟුරු ආනයනයට ආනයනයට රුපියල් මිලියන 1315ක්, බඩඉරිඟු ආනයනයට රුපියල් මිලියන 23000ක්, මිරිස් ආනයනයට රුපියල් මිලියන 1300ක්, රටකජු ආනයනයට රුපියල් මිලියන 703ක්, කජු ආනයනයට රුපියල් මිලියන 750ක් වැයකර ඇති බවත් ඔහු පැවැසීය.

popular news
-
sg Friday, 22 March 2019 11:29 PM
ane mehema ratak
Reply : 0 0
Saththaya Saturday, 23 March 2019 08:37 AM
හරියට හරි , මේ ගොල්ලෝ ඉද්දි අපි කෑවේ ලංකාවේ සුපිරි වස විස නැති පිරිසිදු කෑම. මාළු කෑල්ලක් කන්න නෑ මොනවා හරි ගහනවා , කල් තියා ගන්න , පලතුරු ටිකක් කන්න තියනවද පිරිසිදුව, මොනවා හරි ගහනවා . එව්වා ගැන සොයල බැලුවද ? බලයේ ඉන්න කාලේ . චන්දෙ විතරයි ඕනේ . චන්දෙ දෙනවානම් ඕන දෙයක් . සුපිරි කට්ටිය පිටරටින් ගුවන් යානා වලින් කෑම බීම ගෙනල්ල කෑව නේද ? ඒවා කෙරුනේත් මහජන මුදලින් . අද රටම බංකොලොත් . ගුවන් සමාගමත් බංකොලොත් .
Reply : 0 0
Kumar Saturday, 23 March 2019 08:59 PM
මන්ත්රීතුමා කියනවාවගෙ සාක්ෂි ඉදිරිපත් කරන්න. පසුගිය කාලයේ arsenic නිසා ලංකාවෙන් මෙරටට සහල් ගෙන්වීම සම්පුර්ණයෙන් නවතා තිබුනා. ඒ විතරක් නොව දකුණු California වෙ වෙළඳ සලක අලෙවිකරණ ලංකාවේ නිෂ්පාදිත නිෂ්පාදනවල අපිරිසිදුකම ගැන පෙන්වා තිබුනා.
Reply : 0 0
Don Saturday, 23 March 2019 11:24 PM
මේ හලෝ ඒකෙ අනිත් පැත්තයි ඇත්ත.
Reply : 0 0
rocky Sunday, 24 March 2019 07:17 AM
මහත්තයෝ, පිට රටින් බඩු ගෙන්වන්නේ නැතුව කොහොමද කොමිස් ගහන්නේ? මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යන්නේ කොමිස් ගැහිල්ලෙන් අපේ රට සන්වර්දනේ කොරන්න නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

