විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූවෙක් අල්ලයි
මැදපෙරදිග සහ නවසීලන්තයේ ඉහළ වැටුප් තලවලට රැකියාවලට යනව බවට AI තාක්ෂණය ඔස්සේ වෙළද දැන්වීම් නිර්මාණකර හැටන් ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු.ලක්ෂ7ක මුදලක් ලබා ගෙන එම පුද්ගලයන් විදේශගත නොකල සැකකරුවෙකු හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් පීටර් පෝල් මහතා වෙත (23) දින ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර යලිත් එම නඩුව (12/01) දින කැදවීමට මහේස්ත්රාත්වරයා නියෝග කලහ.
මෙසේ ඇපමත මුදාහැර ඇත්තේ කැකිරාව ප්රදේශයේ පදිංචි මොහොම්මඩ් රාසික් මොහොම්මඩ් නිපුන් නැමති 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු AI තාක්ෂණය ඔස්සේ වෙළද දැන්වීමක් නිර්මාණය කර එම වෙළද දැන්වීම ඔහුගේ මුහුණ පොත ඔස්සේ පල කර හැටන් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුගෙන් රු. ලක්ෂ 07ක මුදල් තම ගිණුමට බැර කරගෙන ඇති බවයි හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිළධාරින් සිදු කල මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිළධාරින් විසින් කැකිරාව පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු කැකිරාව පොලිසිය විසින් සැකකරු අත්අංඩගුවට ගෙන හැටන් පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින් කැකිරාව වෙත ගොස් සැකකරු රැගෙන විත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ සහ විවිධ පැමිණීලි අංශයේ නිළධාරින් විසින් මේ මස තුලදී මෙසේ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කල සැකකරුවන් සහ මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙමින් වෙළදසැල්වලින් භාණ්ඩ ලබා ගත් සැකකරුවන් 22 දෙදෙනකු වරින් වර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිත් කර ඇති බව හැටන් මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
