ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.
විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයන් සඳහාද ඒ ආකාරයේ නිල ඇඳුමක් හඳුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද එම කාර්යාංශය පවසයි.
මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන කාන්තාවන් පිරිසක් නිල ඇඳුමින් සැරසී රැකියා සඳහා පිටත්ව යන බවට වන වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති බවත් කාර්යාංශය සඳහන් කරයි.
කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සඳහා පිටත් වනවිට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරනු ලබන බවත් කාර්යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.