විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරටදි විශේෂිත වරප්‍රසාදයක්
විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.
මෙම ශ්‍රමිකයින් එරටදී සේවය කරන අතරතුර ඔවුන්ගේ දරුවන්ද එම රටවලදී අධ්‍යාපනය ලබන අතර, රැකියාව අවසන්වී මෙරටට පැමිණි පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවේ.
එහෙයින් මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් පවතියි.
ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

