මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රමිකයන් 50,000ක් ඉක්මවා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.
'අද' කළ විමසීමකදී ආරියසිංහ මහතා සඳහන් කර සිටියේ, ලියාපදිංචි වූ පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට මෙරටට ගෙන්වා ඇති බවත්, ඉදිරි සති දෙකක කාලය තුළ සැලසුමකට අනුව හැකි උපරිම ශ්‍රමිකයන් ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත්ය.
මැදපෙරදිග රටවලින් ශ්‍රමිකයන් ගෙන්වීමේදී නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉඩ පහසුකම් පිළිබඳවද සලකා, මෙරට තුළ කළමනාකරණය කළ හැකි පිරිසක් ගෙන්වීමට අවධානය යොමු කරන බවද ආරියසිංහ මහතා පවසා සිටියේය.