විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියි.
විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.
එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය වරයා පැවසීය.
කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
