විදුලි කප්පාදුව ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්
අමාත්‍ය රවී කරුණානායක මහතාට මේ වන විට හෙලිකොප්ටර් නොමැතිව වැඩක් කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
පසුගිය අමාත්‍යවරුන් සිය සාක්කුවට දා ගත් ආකාරයට විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරෙන් බටගොඩ මහතා රවී කරුණනායක මහතාට හෙලිකොප්ටර් ලබාදී ඔහුවත් තම පැත්තට ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"විදුලි බල මණ්ඩලය 50 වැනි සංවත්සරය සමරන්න යන විට රටේම විදුලි කප්පාදුවක් සිදුකරමින් පවතිනවා. අවුරුදු කන්න වෙන්නෙත් කලුවරේ. අපිට නම් ප්‍රශ්ණයක් නෑ. අපේ ඔබලාගේ ගෙවල් වලනම් ජෙනරේටස් තිබේවි. අහිංසක මනුස්සයා අඳුරේ.
මේක සාමාන්‍ය විදුලි කප්පාදුවක් නෙමෙයි. මේක අසාමාන්‍ය විදුලි කප්පාදුවක්. මේ විදුලි කප්පාදුව ලේකම් සුරේන් බටගොඩ මහතා වගකිව යුතුයි. මම දන්නවා එයා කාමරයේ ඉඳන් අහගෙන් ඉන්නවා.
මෙයා හැම ඇමතිවරයෙක්ම තමන්ගේ සාක්කුවට දාගත්තා. රංජිත් සියඹලාපිටිය මහතාට රැකියාවල් 4000ක් දීලා ඔහුව සාක්කුවට දාගත්තා.
දැන් රවී කරුණානායක මහතාට චොපර් දීලා සාක්කුවේ දා ගත්තා. එයා දැන් චොපර් ඇමති. දැන් චොපර් නැතිව යන්න බෑ. පුත්තලමට යන්නෙත් චොපර් එකෙන්.
නිලධාරීවාදය තමයි ආණ්ඩුව අපහසුතාවට ලක්කරන්නේ. මේ කළේ හදිසි විදුලිය මිලදී ගැනීමට කොමිස් ගන්නයි. මෙගාවොට් 1 එකේ ජෙනරේටරස් 50ක් අමාත්‍යාංශය ගෙනාවා. එයින් වැඩ කරන්නේ දැන් ජෙනරේටරස් 2යි. "

popular news
-
Champa Friday, 29 March 2019 06:30 PM
කතාව ටිකක් නිවැරදි කරන්න ඕනේ. නිලධාරීන් මුලින් කොමිස් ගහන්න ගියේ නැහැ. ඒ මොකොද කිව්වා නම් එහෙම කලාම ලැබෙන ප්‍රතිවිපාක වලට බය නිසා. රස්සාව නැති වෙනවා, පෙන්ෂන් නැති වෙනවා විතරද හිරේ යන්නත් වෙනවා. වැටුප් කොච්චර අඩු වුනත් බහුතර නිලධාරීන් ඒ වැටුපෙන් ජීවත් වුනා හොර වැඩ අල්ලස් කොමිස් නැතුව. මේ නරක පුරුදු ඔක්කොම රජයේ සේවයට ගෙනාවේ ඇමතිවරු. ඇමතිවරුන්ට කොමිස් ගහන්න ඕනේ වුනහම අමාත්‍යංශ ලේකම්ට කියනව මම බලා ගන්නම් ඔක්කොම වැඩේ මේ විදිහට කරන්න කියලා. සමහර නිලධාරීන් රස්සාවල් නැති වෙනවට බයේ ඇමති කියන විදිහට කළා. සමහරු දෙන ගානක් ගත්ත. සමහරු තමන් එකඟ නැති බව කියලා file වල minute දාල තිබ්බ. සමහරු රස්සාවල් දාල ගියා. කොන්ද පණ තියෙන සමහර නිලධාරීන්, ආයතන රෙගුලාසි පෙන්නලා ඇමතිවරයාට කෙලින්ම බෑ කිව්වා. විදුලිබල මණ්ඩලය දූෂිත අමාත්‍යාංශයක් වෙලා ඉවරයි. හොඳ ලේකම් වරයෙක් ආවත් හොඳ ඇමතිවරයෙක් ආවත් ඕක වෙනස් වෙන්නේ නැහැ. ඇතුලේ ඉන්න ගැත්තෝ අර නිලධාරියාව වෙනස් කරනවා. එහෙම නැත්නම් විදුලි ඉංජිනේරුවෝ. දූෂිත ඇමතිවරයෙක් ආවොත් කතා කරලා වැඩක් නැහැ. කොමිස් ගහන්න පුළුවන් වෙන්න විදුලිය මිලදී ගැනීම පටන් ගත්තේ කවුද? ලොකුම වැරැද්ද ඒක.
Reply : 0 0
Nandana Friday, 29 March 2019 09:04 PM
හොරු සමග හෙළුවෙන් ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

