විදුලිබිල ගෙවන්න ආ ආයෙක් පරිශ්රයේ වැටී මිය යයි
හෝමාගම විදුලි බල මණ්ඩල කාර්යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්රය තුළත දීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර , සිංහපුර, අංක 174 හි පදිංචි ඒ.එච්. කරුණාරත්න (59) නැමැති තිදරු පියෙකු බව පොලීසිය කියයි.
එම ස්ථානයට බිල්පත් ගෙවීම සඳහා පැමිණ සිටි කිහිපදෙනෙකු බිම ඇදවැටුණු පුද්ගලයා ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර දී මෙසේ මිය ගොස් ඇතැයි පැවසේ .
සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලදී.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (07) දා හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතව තිබුණි.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

