ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියි.
විදුලිබල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් වැනි ප්රධාන ක්ෂේත්ර වර්ජන ක්රියාමාර්ගයට ගියහොත් ආණ්ඩුවට දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවන බවත් එය අවසන් ක්රියාමාර්ගය වන අතර එතැනට තල්ලු නොකරන ලෙස රජයට දැනුම් දෙන බවයි ඔවුන් සඳහන් කර සිටියි.