විද්‍යා ඝාතනය ගැන ප්‍රශ්න කිරීම ත්‍රස්ත විමර්ශන ඒකකයට
යාපනය,කයිට්ස්,පුන්කුඩිතිව්මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිවලෝගනාදන් විද්‍යා නැමැති 18 හැවිරිදි සිසුවිය දූෂණය කොට මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ( 15දා) කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31),මහාලිංගම් සුෂිදරන් (30),ශිවදේවන් තුෂාන්තන් (23),පි.කුගදාසන් (26), ජෙයකරන් ගෝපිතන් (26)හා ස්විට්සර්ලන්තයේ පදිංචි බව කියන මහාලිංගම් සෂිකුමාර් (41) යන පිරිසනැවත ජූලි මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
එමෙන්ම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කටයුත්තත්රස්ත විමර්ශන ඒකකයට පැවරූ බවද කයිට්ස් පොලීසිය පවසයි.
නඩු විභාගය පැවැත්වූ කයිට්ස් ප්‍රදේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර,නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවට දැරියගේ මව,ඥාතීන්,දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශී‍්‍රධරන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.
එහිදී විද්‍යාගේ මව හා සහෝදරයි සිහි මුර්ජාවටත් පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඑ ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.්
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

