විජයදාස රජපක්ෂගෙන් ජනපතිට යළිත් ලිපියක්
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 09 දා කෙළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිතව අදහස් දක්වන බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එසේම එම සාකච්ඡාව ආරම්භයේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු දෙකක් සත්‍යයෙන් තොර බවද ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.
මහානායක හිමිපාණන් වහන්සේලාගේ මෙන්ම කාදිනල් හිමිපානණන් ඇතුළු ආගමික නායකයකින්ගේ අවවාද අනුශාසනා ලබාගනිමින් රටට ගැලපෙන නව ආණ්ඩුක්රව ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කරන ලෙසත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි. මීට පෙරද හිටපු අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලිපියක් යොමු කළේය.
popular news
-
Lelwala Wednesday, 14 October 2020 07:47 AM
He is talking against government because he didn’t in the cabinet. He should be kicked out.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

