හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් විදේශගතවීමේ සූදානමකින් සිටින බවත් ඇය එසේ විදේශගතවුවහොත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සඳහා බාධාවක් විය හැකි බවත් පිවිතුරු හෙළ උරුමය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම අද (09දා) දින සිදුකෙරුණි.
ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා ඉහත ඉහත අදහස් දැක්වීය.
“අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය විදේශගතවීමේ ආසන්න අවස්ථාවක සිටින්නේ. ඒ නිසා අපි අදාළ පොලිස් අංශවලින් ඉල්ලා සිටියා එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව”
