විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (12 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙවැනිම වූ තත්ත්වයක් තුළ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අමිර්තලිංගම් මහතා ඇතුළු විපක්ෂයේ 17 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් පහකළ බවත්, ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එවැනි තීරණ ගනු ඇති බවට තමන් සිතන බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
