හිට්ලර් හා එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් සංසන්දය කිරීමට නොහැකි බවත් කැමති වුවත් අකමැති වුවත් ඔහු සිය භූමිය වෙනුවෙන් සටන් කළ බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
‘ඩෑන්ටීවී නාළිකාව’ හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අය මේ බව අදහස් දැක්වීය. දකුණේ තිබෙන්නේ හිට්ලර් පාලනයක් බවත් උතුරේ ජනතාව තබාගෙන සිටින්නේ ඡන්දයට පමණක් බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
“මට යුතුකමක් තියෙනවා මගේ ජනතාවට සේවය කරන්න. ජනතාව විසින් තෝරා පත් කර ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විදියට. මගේ හිතේ තියෙන වේදනාව කියන්න මට අයිතියක් තියෙනවා.මාධ්‍ය හරහා තමයි ප්‍රශ්නේ එළියට එන්නේ.
රංජන්ට මාධ්‍ය ඉදිරියේ මේක ගේන්න අවශ්‍ය නෑ. මිත්රකමටයි මම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ. එයා ඒක ගත්තේ මාධ්‍ය ඉදිරියේ කියලා මම දන්නේ නෑ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට තියෙන වරප්‍රසාද කඩකිරීමක්.
එයා මට ද්‍රෝහිකමක් කළා. කාන්තාවකට ද්‍රෝහිකමක් කළා. හිට්ලර් එක්ක අපේ නායක ප්රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.
ඔහුගේ ඉතිහාසය ඉදිරි පරම්පරාව අධ්‍යයනය කරයි. දකුණේ සිද්ධ වෙන්නේ හිට්ලර් පාලනයක් තමයි. උතුරේ අපිව තියාගෙන ඉන්නේ ඡන්දෙට විතරයි. හැබැයි හිට්ලර්වයි , ප්‍රභාකරන්වයි එක තරාදියේ දාන්න බැහැ.
මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන තනතුර එයාට උදුරගන්න බෑ. මොකද මම ජනතාවගේ ඡන්දෙන් මෙතනට ආවේ."
