පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය ජූලි මස 20 වැනිදායින් පසු පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 'අද'ට පැවසීය.
මහලේකම්වරයා පෙන්වා දුන්නේ උතුරේ එල්.ටී.ටී.ඊ. පාලනයක් නැවත අවශ්‍ය බවට මන්ත්‍රීවරිය විසින් සිදු කරන ලද ප්‍රකාශය වරදක් බවට බැලූ බැල්මට පෙනුණද මන්ත්‍රීවරියගේ පාර්ශ්වයෙන්ද ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි.
ඒ අනුව ඇයගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එළඹෙන 20 වැනිදා දක්වා කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවේචන, හෙළාදැකීම් ඇතුළු විවිධ මත ප්‍රකාශයට පත් කළද මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් වූ අදාළ පරීක්ෂණය අපක්ෂපාතීව, මධ්‍යස්ථව සිදු කෙරෙන බවට අවධාරණය කළ මහලේකම්වරයා ඇගේ ප්‍රකාශය හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්ද යන්න පිළිබඳ මූලික අවධානයක් යොමු වනු ඇති බවද සඳහන් කළේය.
