රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි නම් වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.
සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වේ.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විරුද්ධතාව ප්‍රකාශ නොකරන්නේද සුළු ජාතික ඡන්ද නිසා බවත් ඔහු මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“උතුර කියලා එකක් නෑ. අපේ ශ්‍රී ලංකාව. මීට පස්සේ උතුරයි දකුණයි බස්නාහිරයි නැගෙනහිරයි අරකයි මේකයි නෑ. මේක ත්‍රි සිංහලය. මේකේ ජීවත් වෙන්නේ සිවු හෙළයෝ. සිවු හෙළයන්ගේ ආශීර්වාදය ඇතිව ආපු අය තමයි අනිත් අය.
ආරක්ෂක අංශයන්ට පින්සිද්ධ වෙන්න ප්රභාකරන් මරලා දැම්මා. මෙම කාන්තාව ජීවත් වෙන්නේ ඩයස්පෝරාවෙන්. මෙයා වහසි බස් කියනවා. එයාට එල්ටීටීඊය ඕන කියනවා. මම මේ ආණ්ඩුවට කියනවා වැදගත් අය ඉන්නව නම් මෙයාට විරුද්ධව අදම නීතිය ක්‍රියාත්ම කරන්න ඕන කියලා. මැයගේ නියෝජ්‍ය ඇමතිකම ඉවත් කරන්න ඕන. විපක්ෂය මේ ගැන කතාවක් නෑ. ගෝඨාභය කතා නෑ, මහින්ද කතා නෑ, බැසිල් කතා නෑ. ඒ අයට ඕන සුළු ජාතීන්ගේ ඡන්ද.
ආණ්ඩුව ගැන මම කනගාටු වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ වැදගත් උදවිය ඉන්නවා. මේකට විරුද්ධව කතා කරන්න බැරිනම් ඉල්ලා අස්වෙලා සිංහල බෞද්ධකම තියෙන, සියලු දෙනාම ආරක්ෂා කරන සිංහල බෞද්ධයෙකුට මේ රට බාර දෙන්න.” යනුවෙන් ඒ මහතා පවසා තිබේ.
