හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියට එරෙහිව යාපනය කෝපායි ප්‍රදේශයේ ඊයේ (09දා) රාත්‍රියේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව තිබේ.
ශිවසේනා සංවිධානය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් මෙසේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර එයින් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ, රුපියල් කෝටි 50කට ඇමති පදවිය අතහැරි විජයකලාට කුමන මන්ත්‍රී පදවිද යනුවෙනි.
පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයන්ගෙන් ප්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නමැත්තාට ආරක්ෂාව සපයමින් ඔහුට කොළඹ දක්වා යෑමට මන්ත්‍රීවරිය උපකාර කළ බවත් කිසියම් පාර්ශ්වයකගේ අවශ්‍යතාවක් මත ප්රභාකරන් නැවත අවශ්‍ය බවට වන ප්‍රකාශය කර ඇති බවත් ඒ සඳහා මන්ත්‍රීවරිය රුපියල් කෝටි 50ක මුදලක් ලබා ගෙන ඇති බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.
ෙඑමෙන්ම ඇමති පදවි අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ද නොලැබිය යුතු බව ශිවසේනා සංවිධානය මෙම පෝසටර් ව්‍යාපාරය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
