විජයකලාගේ ප්‍රකාශය නීතිවිරෝධීදැයි කථානායක නීතිපතිගෙන් අසයි
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී සිදු කල ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පවතින නීතියේ යම් කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්දැයි සොයාබලන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නීතිපතිවරයාට වෙත දන්වා යැවු බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළේය.
එලෙස යම් උල්ලංඝනය වීමක් සිදුවී ඇත්නම් එයට අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත දැනුම්දි ඇත.
රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනයේ සඳහන් දිවුරැම උල්ලංඝනය වි ඇති බවට අද (03දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරැන් බොහෝ දෙනෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
එම අදහස් සැලකිල්ලට ගනිමින් කථානායක කරු ජයසූරිය මහතා මෙම පියවර ගත්බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මියගේ ප්‍රකාශය හේතුවෙන් අද (03දා) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. උතුරේ එල්.ටී.ටී.ඊ පාලනයක් නැවත අවශ්‍ය බව ඇය පවසා තිබුණි.

-
Champa Tuesday, 03 July 2018 09:07 PM
මොකොටද දෙයියනේ නීතිපතිගෙන් අහන්නේ? කථානායකට කෙලින්ම තීරණයක් ගන්න පුළුවන් කොට. අනේද කියන්නේ. දැන් ඔන්න කවුරු හරි කියයි ඔය තනතුර ළමයෙක්ට දෙන්න කියලා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

