විජයකලාගේ ඇමති ධුරය ඉවත් කරන්නැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පිහිටුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර තීරණයකට එළඹෙනතුරු මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක වන මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයට එළඹ තිබෙන අගමැතිවරයා, මෙම පරීක්ෂණයේ තීරණය ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් සමග පවසා ඇතැයිද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඇයගේ ප්‍රකාශය සම්බන්ධව විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබෙන අතර,අගමැතිවරයා එම ඉල්ලීම් සලකා බලා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඇය ඉවත් කිරීමේ තීරණයට එළඹ ඇතැයිද වාර්තා වේ.

-
Champa Tuesday, 03 July 2018 09:11 PM
That is not enough. Law should be enforced equally. Vijayakala Maheshwari should be arrested under PTA. Why one law to LTTE terrorists in the government and one law to others?
Reply : 0 13
සෙනෙවි Wednesday, 04 July 2018 09:35 AM
ඇය ඔහුගේ හොඳ මිතුරියක් නිසා ඒක කෙරෙන එකක් නෑ කියල හිතෙනවා
Reply : 0 143
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

