විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්පේ‍්‍රෂණය කිරීමට අවස්ථාව සැලසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ජාතික ආර්ථික සභාව ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබේ.
එමෙන්ම අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු වී තිබේ.
අපනයන ප්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබාදීමටත්, දිරිගන්වන බදු ප්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් ව තිබේ.
භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳවද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ.
