ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි. මේ දිනවල ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් මෙය දැඩි කථා බහට ලක්විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව මාධ්‍ය වෙත වැඩිදුරටත් තොරතුරු වාර්ථාවෙයි. (I J)