ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්රවීන සංගීත අධ්යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා මහතා අභාවප්රාප්ත වී තිබේ.
අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.
අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් හෙට සිදුකෙරේ.
