විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගනවා
පුළුල් වාමවාදී පෙරමුණක් බිහි කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඒ සඳහා සියළු දේශමාමක, ප්රගතිශීලි පාර්ශව සමග සාකච්ඡා කරන බව හෙතෙම මහනුවරදී මාධ්‍ය වෙත පැවසීය.
“විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, ඒ සඳහා සංවිධාන කටයුතු කරන්නේ කොහොමද කියලා අපි මේ වන විට සාකච්ඡා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබුණා. අපි නැවතත් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂත් එකතුකරගෙන එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබුවා.
ඒ අනුව ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම එහිදී කීය.
popular news
-
Demuni Uduwara Thursday, 02 September 2021 03:17 AM
Piyadasa vs Sirisena!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

